වසර 1912 දී අද වැනි දිනක අත්ලාන්තික් සාගර පත්ලේ තම මංගල ගමනේදී ම අවසන් සුසුම හෙලූ ටයිටැනික් නෞකාවේ සිටි වාදක කණ්ඩායම නිසා මෙම පිරුළ හටගත් බව අසන්නට ලැබුණි. මා මෙලෙස කියූ සැනින් ටයිටැනික් චිත්‍රපටය නරඹා ඇති සැවොම අදාල නිධාන කතාව දැනටමත් සිතාගෙන ඇතිවාට නිසැකය.
එහෙත් වීරයන් හැටියට සලකනු ලැබිය යුතු ටයිටැනික් වාදක කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් මෙම කතාව ඉතා සංක්ෂිප්තව දිග හරිමි.
ටයිටැනික් නෞකාව වරායෙන් පිටත් වීම ආදිය ලියා මෙය දිගු කිරීම අනවශ්‍ය ය. අපි නෞකාව අයිස් පරයක ගැටීම සහ ගිලී යාම අතර කාලය පිළිබඳව සිත යොමු කරමු. අයිස් පරයේ ගැටුණු පසුව එය එතරම් බරපතල කරුණක් යයි කිසුවෙකුත් සිතුවේ නැත. පසුව එය බරපතල බව දැනගත් විට පවා නැවෙහි නිලධාරීන් උත්සාහ කලේ එය හැකිතාක්
මගීන්ගෙන් වසන් කිරීමටය. ඒ මගීන් කළබල වීම
වැලැක්වීම සඳහාය.
ටයිටැනික් නෞකාවේ 08 දෙනෙකුගෙන් සමන්විත වාදක කණ්ඩායමක් සිටි අතර ඔවුන් සාමාන්‍යයෙන් වාදනයෙහි යෙදුනේ 04 දෙනා බැගිනි. එහෙත් අදාල තත්ත්වය යටතේ ඔවුන් 08 දෙනාම ඒකරාශී වී නැවෙහි පළමු පන්තිය වෙනුවෙන් තම වාදනය නොකඩවා කරගෙන
ගියහ.
නෞකාව තුලට වේගයෙන් ජලය ඇතුළු වෙමින් පවතී. සේවකයෝ හැකි ඉක්මනින් කාන්තාවන් හා කුඩා දරුවන් ජීවිතාරක්ෂක බෝට්ටුවලට පටවමින් සිටිති. එහෙත් ගායක කණ්ඩායම එකිනෙකාගේ මුහුණු බලා ඒකමතික තීරණයකට විත් දිගටම වාදනය කරගෙන යති. ටයිටැනික් චිත්‍රපටය නරඹා තිබෙන සැමට එම
දර්ශනය මේ මොහොතේ මැවී පෙනෙනු නිසැක ය.
උක්ත කතාව සරලව කිවහොත් ඔවුහු “නැව ගිලෙද්දී බෑන්ඩ් සෙල්ලම් කලහ ”. “Band playing while
the ship sinks” යනුවෙන් ඉංග්‍රීසි භාෂාවට එකතු වුයේ මෙම සිද්ධිය යි. “නැව ගිලුණත් බෑන්(ඩ්) චූන්” ලෙස අපි එය සිංහලයට
හරවා ගතිමු.
තමා දෙපා රඳවා සිටින නෞකාව ගිලී යද්දී තම මරණය නියත බව දැන දැනත් අනෙකුන් වෙනුවෙන් වාදනයේ යෙදුනු ඔවුහු වීරයෝ නොවෙත් ද?
ඔවුහු එම අවසාන ඉදිරිපත් කිරීමේදී වාදනය කල ගීත අතර "Nearer
My God To Thee" සහ "Autumn" වැනි ගීතිකා තිබෙන බව ඛේදවාචකයෙන් ජීවිත ගලවා ගත් අය පවසා තිබේ. එහෙත්
ඔවුහු වාදනය කල අවසාන ගීතය කුමක් දැයි කිසිවෙක් නොදනිති. එය කිසිදා අනාවරණය නොවන්නා වූ වසර 100 ක් පැරණි ඓතිහාසික රහසකි.
පහත දැක්වෙන්නේ එම උත්තරීතර වාදන කණ්ඩායමේ සාමාජිකයන් ගේ
නම් පෙළ යි.
1.
Wallace
Hartley - Bandleader
2.
John
Wesley
3.
John
Frederick
4.
Georges
Alexandre
5.
Theodore
Ronald
6.
John Law
Hume
7.
Percy
Cornelius Taylor
8.
G.Krins
Inspired by Sunday Lankadeepa and titanic-titanic.com
No comments:
Post a Comment