Thursday, April 12, 2012

සුනාමි බියේ අතුරු කතාවක්


ඊයේ (2012/04/11) ඇති වෙච්ච් සුනාමි අවදානම් තත්ත්වයත් එක්ක දැකපු දේවල් නිසා  මේ සටහන ලියන්න හිතුනා. ඊයේ වෙච්ච් තත්ත්වයේ භූගෝලීය පසුබිම ,විද්‍යාත්මක පසුබිම ගැන නම් නෙවෙයි .ඒ තොරතුරු දැනටමත් හැමෝම දන්නවා. බොහෝ දෙනෙක් දැක්කත් නොදැක්කා වගේ ඉන්න ලාංකිකයෝ විදියට අපි කම්පා විය යුතු සමාජයීය කරුණු කිහිපයක් ගැන තමයි මම මතක් කරන්න උත්සාහ කරන්නෙ.

ඊට කලින් කියන්න ඕනේ කවුරු කොහොම කිව්වත් සමාජ වෙබ් අඩවි (පුවත්වල සත්‍යතාව තහවුරු කිරීම අපහසු උනත් )  වේගවත්ම පුවත් විසුරුවන්නා කියන එක ඊයෙත් හොඳටම ඔප්පු උනා. කෙලින්ම  කිව්වොත් ITN වගේ මාධ්‍ය මේ සිදු වීම වෙලා පැය ගානක් යනකනුත් කිසිම තොරතුරක් දෙන්නෙ නැතුව පරණ සිංහල චිත්‍රපටි පෙන්නද්දි facebook, twitter වගේ වෙබ් අඩවි මේ සුනාමි අවදානම ගැන දැනුවත් කරන්න විශාල මෙහෙයක් කළා (අපි අපිම තමයි ). හැබැයි සිරස, දෙරණ වගේ ආයතනත් සාපේක්ෂව හොඳ මෙහෙයක් ඉටු කල බව කියන්න ඕනේ . හැබැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ව්බ් අඩවියේ සුනාමි අනතුරු ඇඟවීම් අන්තිමට යාවත්කාලීන වෙලා තිබ්බේ 2010 ඔක්තොබෙර් මාසේ. ඒවා පිළිබඳව වෙනමම blog post එකකින් කතා කරමු.

අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන කරුණු සැකෙවින් මෙහෙමයි,

            1.බොරු පුවත් ප්‍රචාරය
            2.අවස්ථාවාදී ප්‍රචාර
            3. අවස්ථාවාදී ක්‍රියා

දැන් මේ කරුණු වෙන් වෙන්ව කතා කරමු.

      1.       බොරු පුවත් ප්‍රචාරය

“ඔන්න සුනාමියක් එනවලු . හැමෝම පන බේරගෙන ඉවත් වෙන්න”- මේ මගේ යාලුවෙක් ඊයේ හවස 2.40 ට  විතර දාපු facebook status එකක්. මේකෙන් කියවෙන දෙය හොඳට බලන්න. මේකේ විදියට දැන් සුනාමි තරංගයක් ඇති වෙලා ඒක ගොඩබිමට එනවා . ඒත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි. ඒ වෙද්දිත් තිබ්බේ සුනාමියක් ඇති වීමේ අවදානමක් තියෙනවා කියලා විතරයි. පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කල අනතුරු ඇඟවීම මෙහෙමයි.

“EARTHQUAKES OF THIS SIZE HAVE THE POTENTIAL TO GENERATE A
WIDESPREAD DESTRUCTIVE TSUNAMI THAT CAN AFFECT COASTLINES ACROSS
THE ENTIRE Indian Ocean BASIN.

HOWEVER - IT IS NOT KNOWN THAT A TSUNAMI WAS GENERATED. THIS
WATCH IS BASED ONLY ON THE EARTHQUAKE EVALUATION. AUTHORITIES IN
THE REGION SHOULD TAKE APPROPRIATE ACTION IN RESPONSE TO THE
POSSIBILITY OF A WIDESPREAD DESTRUCTIVE TSUNAMI."


සුනාමියක් එනවා කිව්වම අපේ මුහුදු තීරයේ ඉන්න මිනිස්සු හොඳටම බය වෙනවා. ඔවුන්ට 2004 වෙච්ච් දෙය අද ඊය වගේ මතකයි. හැබැයි භූමිකම්පාවක් උනා සුනාමියක් එන්න අවස්ථාවක් තියෙනවා. තවම ඒක ස්ථිර කරලා නැහැ කිව්වම ඔවුන්ට දැනෙන හැගීම ටිකක් විතර සහනකරයි .

මේක මම ගොඩක් දෙනෙක්ගෙන් දැකපු වරදක්. මම මේක වැරැදියි කියල දැම්මම නැහැ නැහැ සුනාමියක් එනවා කියල මාත් එක්ක වාද කරපු අයත් හිටියා. සමහර විට ඔවුන් මේ පුවත සහ අනතුරු ඇගවීම තේරුම ගත්ත විදිය වෙන්න ඕනේ . කොහොම නමුත් ඔවුනුත් තත්ත්වය ගැන ප්‍රචාරය කරන්න උදවු උනා. හැබැයි අනාගතයේදී මීට වඩා බුද්ධිමත්ව තොරතුරු ප්‍රචාරය කිරීම ගොඩක් වටිනවා.

      2.       අවස්ථාවාදී ප්‍රචාර

ඇති වෙච්ච තත්ත්වයත් එක්ක facebook එකේ සමහර අය දාපු status දැක්කම හිතුනා අනේ සුනාමියක් එනවානම් හොඳයි කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවද කියලා.මේක මට අවන්කවම ඇති වෙච්ච හැගීමක්.

මේ මගේ තවත් මිතුරෙක් කලබලය අස්සේ දාපු status update එකක්.

දැන් සමහර අය ආයිත්  හෙල්පින් හම්බන්තොට සිහිනයේ කිමිදෙනවා ඇති !!!

මේක කොච්චර අවස්ථාවදී ප්‍රකාශයක්ද කියලා හිතලා බලන්න. අපිට විවිද දේශපාලන මතිමතාන්තර තියෙන්න පුළුවන්. ඒත් අවශ්‍යතාවයකදී අපි හැමෝම එකට එකතු විය යුතුයි නේද? කවුරු හරි ඔය හීනේ කිමිදුනා හෝ ගොඩ පීනුවා හෝ ඒ ප්‍රකාශය තමන්ගේ දේශපාලන මතය පිට දාන්න මේ අවදානම ප්‍රයෝජනයට ගැනීමක් ලෙසටයි මට පේන්නෙ .

මේ මගේ තවත් යාලුවෙක් All items are on a discount of 90% in Galle. Offer valid till Tsunami comes.

මේක විහිළුවක් තමයි.ඒත් කොයි මොහොතේ සුනාමි රල තමන්ව ග්‍රහණය කර ගනීද ,තමන්ගේ දූ දරුවන්ට,ජීවිත කාලයට  උපයා ගත්ත දේවල්වලට මොනවා වෙයිද, තමන්ට අලුත් අවුරුද්ද සමරන්න පුළුවන් වෙයිද කියන දෙගිඩියාවෙන් මර බියේ දුවන මිනිසුන්ව උපහාසයට ගන්න ඒක කොයි තරම් හොඳද කියන ඒක පොඩ්ඩක් හිතලා බලන්න.

මේ වගේ තව ගොඩක් ප්‍රකාශ තිබුනත් ඒවා ඔක්කොම ලියන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.  

      3.       අවස්ථාවාදී ක්‍රියා

මේක මම කෙටියෙන්ම කියන්නම්. ඊයේ ඔය කලබල ඔක්කොම සිද්ද වෙද්දි සමහර අවස්ථාවාදියෝ අසරණ මිනිසුන්ගේ කඩවල් කොල්ල කාල තිබුනා. 2004 සුනාමියේදී දිය පාරට අහු වෙච්ච ගෑණු ළමයෙක්ගේ රත්තරන් මාලය කඩා ගන්න නරුමයොන්ගේ video ඒක හැමෝටම මතක ඇති කියල හිතෙනවා. ඒත් ඒවා තවම ඒ විදියට සිද්ද වෙනවා.

කොහොමින් කොහොම හරි තව ගොඩක් දේවල් කියන්න පුළුවන් උනත් මීට වඩා මුකුත් කියන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මේකේ උදාහරණයට ගත්ත status updates කරපු යාලුවොත් එක්ක මගේ කිසිම පෞද්ගලික තරහක් එහෙම නැහැ මචං . නුඹලා ඔක්කොම සමාජය කියන මහා කුලකය පෙන්නුම් කරන කුඩා ඒකක ටිකක් විතරයි .


No comments:

Post a Comment