පසුගිය වෙසක් එකට නෙලුම් මල් දන්සැලක් සංවිධානය කිරීමට අවස්ථාව මට ලැබුණා.ඒ
කියන්නෙ මට මහඟු පිනක් සිදු කරන්න පුළුවන් උනා. එහෙම තමයි මමත් හිතුවේ. ඒ උනාට
බොහොම ශ්රද්ධාවෙන් අපි ළඟට ඇවිත් දෝතින්ම මල මිටි අතට ගත්ත බහුතරයක් කිව්වේ 'thank you' කියලා. ඒ අවස්ථාවේදී මට හිතුනා මට ඕන උනේ පිං ද එහෙම
නැත්නම් thank you ද කියලා. කොහොම උනත් බොහොම ගෞරවයෙන් ‘අනේ ගොඩක් පිං’ කියපු අයත් නොසිටියා නොවෙයි. ඒ වගේම මේ මල්වලට සල්ලි ගන්නවද කියල අහපු අයත් හිටියා.එතකොට නම් මම හිතුවෙ අපේ marketing අවුල් වගේ කියලා. සමහර අය අපි ගාවට එන්න බයේ ගියෙත් ඒක
වෙන්න ඇති. ඒ අතරෙම ‘ගංගාරාම පන්සල ගාව නෙලුම් මලක් රුපියල් 20 යි. මේක නම් බොහොම පිං වැඩක්’ කියලා අපිව ගොඩක් ආඩම්බරයට පත කරපු කෙනෙකුත්
හිටියා.
ඒ කොහොම උනත් දන්සැලක් දෙන බොහෝ දෙනෙක් පතන්නෙ පිං මිස thank you නොවන බව කරුණාවෙන් සලකන්න කියල ඉල්ලන්නයි මේ blog post ඒක ලියන්න හිතුවෙ.
No comments:
Post a Comment