Thursday, July 21, 2011

ශ‍්‍රී ලංකාවේ විශ්වවිද‍්‍යාල අධ‍්‍යාපනය කොයිබට ද?


විශ්වවිද‍්‍යාලයක් කියන්නෙ මොකක් ද? ඒකෙ ඉන්නෙ මොන වගේ පිරිසක් ද? ඒකෙ තියෙන්නෙ මොන වගේ ව්ටපිටාවක් ද? ඕවා මේව ගැන කතා කරලා වර්තමානයේ ලංකාවේ විශ්වවිද‍්‍යාල පද්ධතිය ගැන කතා කරන්න ගත්තොත් මේ BlogSpot එක නිකන්ම එපා වෙයි. ඒක නිසා විශ්වවිද‍්‍යාල සිසුවෙක් විදියට මම වර්තමාන විශ්වවිද‍්‍යාල තත්ත්වය  ගැන දකින විදිය කරුණු වශයෙන් සරලව කියන්නම්,

  • ආණ්ඩුවට අවශ‍්‍ය‍යයි පෞද්ගලික විශ්වවිද‍්‍යාල පටන් ගන්න.
  • ඒකට එරෙහිව විශ්වවිද‍්‍යාල සිසුන් පෙල ගැහෙන්න ඉඩ තියෙනවා.
  • නමුත් එහෙම වෙන්නෙ විශ්වවිද‍්‍යාල තුල ශිෂ‍්‍ය‍ බලයක් තිබුනොත් විතරයි.
  • විශ්වවිද‍්‍යාල රැග් (මේ කියන්නෙ අමානුෂික, අශිෂ්ට නවක වදය ගැන නෙවෙයි) එක කියන්නෙ අලුත් ශිෂ‍්‍ය‍න් හට විශ්වවිද‍්‍යාලය ගැන හඳුන්වා දෙන පරණ ශිෂ‍්‍ය‍යෝ අලුත් ශිෂ‍්‍ය‍යෝ එකතු වෙන, ඔවුන් අතර සම්බන්ධය ඇති කරන, ශිෂ‍්‍ය‍ එකමුතුව තහවුරු කරන පළමු පියවර.
  • මෙතනට පහර දුන්නොත් ආණ්ඩුව දන්නවා ශිෂ‍්‍ය‍ එකමුතුව කියන දෙයට නිකන්ම පහර වදින බව.
  • මේ අතරම ආචාර්යවරු තමන්ට ජෙෆ‍්‍රි වැටුප් කොමිසම අනුව නිර්දේශිත තමන්ට හිමි වැටුප් වැඩි කරන ලෙස ඉල්ලනවා.
  • අවුරුද්දකට මේ සඳහා වැය වෙන මුදල රු. මිලියන 900 ක් විතර.
  • නමුත් ආණ්ඩුව පූර්ව නම්ණීකරන වැඩසටහන (pre-orientation program) වෙනුවෙන් රු. මිලියන 1000 ක් විතර වැය කරනව.
  • ඒ කියන්නෙ ආණ්ඩුව වර්තමානයේ විශ්වවිද‍්‍යාල තුල සිටින සමස්ත සිසු පරපුරම පූර්ව නම්ණීකරන වැඩසටහන වෙනුවෙන් කැප කරනවා.
  • මෙතනින් ආණ්ඩුව එක ගලින් කුරුල්ලො කීප දෙනෙක් ම බාගන්නවා.
  •  ආණ්ඩුව අලුතින් එන ශිෂ‍්‍ය‍ කණ්ඩායමට පූර්ව නම්ණීකරන සීනි බෝලය පෙන්නලා ඔවුන්ව තමංගෙ පැත්තට නම්ම ගන්නවා. දැන් ඔවුන් හිතන්නෙ ආණ්ඩුව හරි හොඳට විශ්වවිද‍්‍යාල සිසුන්ට සලකනවා කියලා.
  • එත්කොට ඔවුන් රැග් විරෝධී ආණ්ඩු හිතකාමී වෙනවා. එතකොට ශිෂ‍්‍ය‍ එකමුතුව කම්මුතුයි.
  • විශ්වවිද‍්‍යාල ආචාර්යවරු හැම දෙනාම වගේ පෞද්ගලික විශ්වවිද‍්‍යාල විරෝධී යි.
  • පෞද්ගලික විශ්වවිද‍්‍යාල විරෝධී විශ්වවිද‍්‍යාල ආචාර්යවරුන් හටත් ආණ්ඩුව පාඩමක් උගන්වනවා. අපිත් එක්ක හැප්පුනොත් අපි පඩි දෙන්නෙත් නැහැ කියලා.
  • මේ අනුව ආණ්ඩුවට බොහොම පහසු වෙනවා පෞද්ගලික විශ්වවිද‍්‍යාල ආරම්භ කරන්න.

No comments:

Post a Comment