Saturday, August 18, 2012

නොකියවූ ලිපිය

 

මේක ඇත්ත කතාවක්. මේක උනේ ශ්‍රීනාත් sir ගේ නුගේගොඩ රොටරි එකේ තිබ්බ 2008 A/L Chemistry revision class එකේ අන්තිම දවසෙ දී. මේ ලියුම මගේ හොඳම යාලුවෙකුගේ girl friend ට ලැබුණු එකක්. හැබැයි ඒ ගෑණු ළමයා මේ ලියුම ලැබුණු මොහොතෙම -කියවන්නෙ වත් නැතුව-මගේ යාලුවට ගෙනත් දුන්නා .එතකොටත් class එක ඉවර වෙලා තිබුණු නිසා මේ ලියුම ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගැනුනෙ නැහැ. පස්සෙ කාලෙක මේ ගෑණු ළමයයි,මගේ යාලුවයි break upඋනා. හැබැයි මේ ලියුම තාම මගේ යාලුවා ළඟ……

***************

2008.07.23

“සමාවෙන්න ”, ඒ මම ඔයා වෙනුවෙන් ලියපු පලවෙනි වචනය.“මේකිගේ තියෙන ආඩම්බරේ ”...ඒ ඔයාව දැකපු පලවෙනි දවසෙම ඔයා ගැන මට හිතුන දේ.

ඔයාව අපහසුතාවයට පත් කරන්න මට ඕන උනේ නැහැ.ඒකයි සමාවෙන්න කිව්වේ ...මේ ලියුම කියවද්දි මම ඔයාගෙන් හුඟක් ඈත .

මං කොළඹට ආවේ ඉගෙන ගන්න.ජීවිතේ දිනන්න මට තියෙන එකම හවුහරන ඒක.ඔය වගේ නෙමෙයි මං දුප්පත්.ඒත් ඉතින් මොනවා කරන්නද හිතට ආදරේ දැනෙන්නෙ දුප්පත් පෝසත් බලල නෙමෙයිනෙ.මට කියාගන්න ඕනේ එකම දේත් ඒක.“මං ඔයාට ආදරෙයි.”

මට හිතාගන්න ඕන උනා ඔයා මොන වගේ කෙනෙක්ද කියල...ඔයාල(යාලුවයි)කතාකරන දේවල් මං අහගෙන හිටියා.මටත් ලැජ්ජා නැහැ කෙල්ලන්ගෙ කතා වලට ඇහුම්කන් දෙන්න.

සමහර දේවල් නිසා මම අතරමං උනා.කෙනෙක් තව කෙනෙක්ට ආදරේද කියල අහලම දැනගන්න ඕනෙ නැහැ.අදාල කෙනාට ඒක දැනෙනවා.මගේ හිතේ ඔයා ගැන හැංගිච්ච ආදරේ මම ඔයාට දැනගන්න ඇරියේ නෑ.ඒ ඇයිද කියල මට තාමත් තේරෙන්නෑ කෙල්ලෙ....

ජීවිතේ ගැන හරිම පුදුමයි.මං කවදාවත් හිතුවෙ නැහැ මගේ හිත ඔයාට මේ තරම් ආදරේ කරයි කියලා.මට දැනටමත් ඔයාව අමතක කරන්න බැරි කමක් නෑ.ඒත් මං දන්නෑ මට අඬන්නැතුව ඉන්න පුලුවන්ද කියල. මගේ ඇස් ඔය ඇස් හැමතැනම හොයයි.මං දන්නවා......මට කවදාවත් ඔය ඇස් වලට එබීගෙන ඉන්න බැරි වෙයි.කමක්නෑ..මට මේ මතකයන් හුඟාක් වටිනවා.

මොනවද ඔයතරම් cls එකේදි කොල්ලොත් එක්ක කතාව.මට ඉරිසියයි කෙල්ලේ...හරිම ඉරිසියයි.

මට මේක හරිම ලස්සන හීනයක්‌. ඒත් මේ හීන මියැදෙන දවසට මට අඬන්නැතුව ඉන්න බැරි වෙයි.ඔයා මගේ ජීවිතේට ආවෙ නැහැ කියල මං හොඳටම දන්නවා.මමමයි ඔයාව මගේ ජීවිතේට එක්ක ගත්තෙ.මං තනියෙන් විඳවන්නම්.ඔයා සතුටින් ඉන්න.

මං ඔයාට ආදරේ කරන්නෙ ඇයි...?ඔයාගේ මොනවටද මං ආදරේ කරන්නෙ..?මේ ප්‍රශ්න වලට මං තාමත් විසඳුම් හොයනවා.

දන්නවද ඔයා හරිම ලස්සනයි.මං ඔයාට ආදරේ කරන්න ඒ ලස්සන හේතු උනේ නෑ කියන්න තරම් මං කුහක නෑ.

හිනාවෙනකොට හරිම ලස්සනයි.ඇඟ...හැරිල බලන්න හිතෙනවා(sorry).කථා කරනවා දැක්කම ලෝබයි.ලෝකෙම අමතක කරන,කරකැවෙන ඇස්.මේවටයි මං මුලින්ම ආස කලේ.ඒත් දැන් ඔයා... අබ්බගාත උනත් මට ආදරේ කරන්න පුළුවන්.

අමතක උනානෙ.මං X.ඔයාගේ නම නම් මං තාම දන්නෑ.පිස්සෙක් නේද නමවත් දන්නැති කෙල්ලෙක්ට ආදරේ කරන්න.

මේ පාර ගෙදර ගියාම මං අම්මට ඔයා ගැන කියනවා.(එයා මගේ fitඑක).මං ආදරේ කරන්නෙ මට ලබා ගන්න බැරි කෙල්ලෙක්ට කියලා,එයා මගේ හිතට හයියක් වෙයි ඔයාට බැරි උනාට.

තව දවස් කීයද?අපි දෙන්නටම exam 1තියෙනවා.මට විශ්වාසයි ඔයාට මේකෙන් ගොඩ යන්න පුළුවන්. හිතන ඉන්නෙ මීටරේ කියලනේ..

මං නම් පිස්සෙක්නෙ,නැත්නම් මේ වගේ කාලෙක ඔයාට මේ වගේ ලියුමක් දෙයිද?මං විහිළුවක් කලේ.මාත් හොඳට exam කරනවා.

071 – ****771මගේ 4න් numb 1.දැන් නම් මේක වැඩ කරන්නෙ නෑ.Exam එකෙන් පස්සෙ තමයි.සමහර විට ඔයාට හිතෙනවා ඇති මට මොකටද කියලා.මං දන්නවනේ ඔයා ආඩම්බරයි කියලා...ඒත් මං බලාපොරොත්තු වෙනවා ඔයා මට එකම දවසක්වත් කථා කරයි කියලා.

මට කියන්න,

ඔයා කාට හරි ආදරේ කරනවද?ඔය පුංචි හිතේ මට චුට්ටිම ඉඩක් වත් නැද්ද?මං මේ කරන්නෙ කිසිම තේරුමක් නැති වැඩක්ද?මට මේවට උත්තර දැනගන්න ඕනෙ.දැන් මට හුඟාක් දුක හිතිල.ඒත් ඔයා වැරදි නෑ.ඒ ඇයි දන්නවද,දුක හිතෙන්නෙ වැරදි වලට විතරක්ම නෙමෙයිනෙ.ඔයාට බුදු සරණයි.හොඳට පාඩම් කරන්න.

(Pls reply me)

මං X.

**********************

මේ ලියුම ලියුව කෙනාත් සමහර විට මේක කියවනවා වෙන්න පුළුවන්.මගේ යාලුවාවත්,කවුරුවත් දන්නෙ නැහැ මෙයා කවුද කියලා.මේකෙ number එකට කථා කලාට වැඩ කරෙත් නැහැ.

(ලියුම ලියුව කෙනාගෙ නම X කියලා වෙනස් කලා)